මස්වැද්දන්ගේ මද්දකට හසුව රැලෙන් තනිවී හඬන වැලිකන්දේ   අලි සිඟිත්තා…

මනම්පිටිය නිමල් ජයරත්න –

හිස ගසකට තද කරගෙන හඩා වැටෙන  අසරණ අලි සිඟිත්තාගේ  ඉහත ඡායා රූපය දෙස බලන්න.  මේ කිරි කැටි ළදරු පැටියාට ඔහුගේ අම්මා නැත. රැළේ හුරුපුරුදු සෙනෙහස නැත. යළි ඒ ජීවිතයට යන්නට පුලුවන්කමක් ද නැත. මේ ළදරු අලි පැටියාගේ පයක් තුවාල වී ඇත. මේ ශාරීරික මානසික වේදනාව දරා ගැනීමට නොහැකි බව ප්‍රකාශ වන පැටියාගේ හැසිරීම් විලාශය දුටුවන් හදවත බිඳ දැමුවේය.

මේ අලි සිඟිත්තා  පොලොන්නරුව වැලිකන්ද බොරෙවැව ගම්මානය ආසන්නයේ දී අලි රෑනකින්  තනි වී සිටියේය. ඒ සිඟිති පැටියාගේ පය මස්වැද්දන් විසින් ඇටවූ කටු කම්බි මද්දකට හසු වී තිබිණි. ගම්මු දකින විට මේ අලි  සිගිත්තා සිටියේ  බරපතල ලෙස තුවාල සහිතවය.

Baby-Elephant
කකුලේ තුවාලයට ප්‍රතිකාර කිරමින්…

දැනුම් දීමෙන් පසු වනජීවී නිලධාරීහු වහාම අලි සිඟිත්තා සිටි තැනට පැමිණියහ. ඌ පසුවුනු ඛෙදජනක තත්වය නිරීක්ෂණය කළ වනජීවි නිලධාරීන් වහාම මේ පිළිබඳව  ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය  සමීර කලිඟු ආරච්චි ට දැනුම් දුන්නේය.


වැඩිසුර ප්‍රතිකාර සඳහා වනජීවි කාර්යාලයට යන ගමන්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු සමග වනජීවී නිලධාරීන් කණ්ඩායමක් පැමිණ අලියාගේ පාදයෙ මද්ද ඉවත්කොට මූලික ප්‍රතිකාර  කළේය. ඉන්  පසු වැඩිදුර ප්‍රතිකාර  සඳහා ගිරිතලේ   වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන යාමට කටයුතු  කළේය.

 

Exit mobile version