මල්වර දැරියගේ ගෙල බැඳි රන්මාලය සාදයේදීම උස්සලා

මාතර – සම්පත්

වැඩිවියට පත් දැරියකගේ මල්වර සාදයේදී ගෙල බැඳි රන් මාලය එදිනම ගලවාගෙන සොරකම් කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගන්දර පොලීසිය විමර්ශන කටයුතු සිදු කරයි.

13 හැවිරිදි මෙම දැරිය වැඩිවියට පත්වීමේ ප්‍රීතිය නිමිත්තෙන් එම සාදරයට දැරිය සරසා එම දැරියගේ ගෙලට මවුපියන් විසින් දැමූ මෙම රන් මාලය රන්මාලය එදින රාත්‍රියේ ගලවාගෙන ඇති බවට දැරියගේ මව විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.


මව සමග සිටි මෙම දැරියට නින්ද ගොස් ඇති අවස්ථාවේ මෙම ගෙල බැඳි රන් මාලය සොයා ගන්නට ඇතැයි ඔවුන් සැක පල කරයි.

පොලිසිය සිදු කළ විමර්ශනවලින් පසු මෙම දැරියගේ මවගේ සහෝදරයෙකුගේ පුතෙකු මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය කරගෙන තිබේ.

ඔහු ඉමදුව පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි රුපියල් එක් ලක්ෂ විසි පන්දහසක් වටිනා රන් මාලය සහ පෙන්ඩනය දැරියගේ කරෙන් ගලවාගෙන සොරකම් කර මාතර කුමාරතුංග මාවතේ ස්වර්ණාභරණ අලෙවි සැලකට මිතුරෙකුගේ මාර්ගයෙන් විකුණා තිබේ.

එම වර්ණාභරණ අලෙවිසැල විසින් රුපියල් අසූ දහසකට මෙම රන්මාලය මිලදී ගෙන ඇත. මෙසේ පැමිණිලි කර ඇත්තේ ගන්දර පොලිස් බල ප්‍රදේශයේ කැකනදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා සහ මාතර පොලිස් අධිකාරී 1 විජයගුණවර්ධන මහත්වරුන් ගේ නියෝග මත බන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් කපිල බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්දර පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශණ සිදුකරයි.

Exit mobile version