මල්වතු අස්ගිරි මහා නාහිමිවරු, කාදිනල් හිමි, ප්‍රියන්ත කුමාර ඝාතනය ගැන සංවේගය පල කරති!

සියල්කෝට්හි ආගමික අන්තවාදීන් පිරිසක් විසින් සාහසික ලෙස ඝාතනය කළ පියන්ත කුමාර දියවඩනගේ ඝාතනය සම්බන්ධව ශෝකය පළ කරමින් මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ද කාදිනල් හිමිපාණෝ ද සොව පළකරමින් නිවේදන නිකුත් කර සිටිති.

දෙපාර්ශවයන්හි ලේඛකාධිකාරී හිමිවරුන්වන පහමුණේ සුමංගල හා පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමිවරුන්ගේ අත්සනින් නිකුත් වී ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රියන්ත කුමාර දියවඩන අමානුෂික පහර දී ගිනි තබා ඝාතනය කිරීම ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයම කම්පා කරවන්නක් වූ බවය.

මේ සම්බන්ධව කාදිනල් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ආගමට මුවා වී සිදුකරන්නා වූ මෙවැනි බිහිසුණු අන්තවාදී සාහසික අපරාධ නිසා උද්ගතවී ඇති ඛේදනීය තත්වයන් නවතාලන්නට සෑම රටකම නායකයින් දැඩි පරිශ්‍රමයකින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට අවධාරණය කරන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආගමේ නාමයෙන් යැයි කියමින් සිය පෞද්ගලික දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට මනුෂ්‍යයින් ඝාතනය කිරීම තරම් ඛේදනීය තත්වයක් මෙලොව තවත් නැති බවත්, එය ආගම්වලට ද කරන බලවත් නිග්‍රහයක් බවත්  උන්වහන්සේ කියති. මේ අසාධාරණ මනුෂ්‍ය ඝාතනයට එරෙහිව පාකිස්ථාන නායකත්වය කඩිනමින් ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂාවෙන් බලා සිටින බව උන්වහන්සේ දන්වා සිටිති.

Exit mobile version