මරණ දඬුවමට ලක්වූ සිරකරුවන්ට වැලිකඩ කාන්තා අංශයට මාරුවක්

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට ලක්ව සිටින සිරකරුවන් සියලු දෙනාම කාන්තා අංශය වෙත මාරු කිරීම පිළිබඳව තීරණයක් ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට දරුණු ලෙසින් ව්‍යාප්ත වන කොව්ඩ 19 වයිරසය තවදුරටත් බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වීම අවම කිරීම වෙනුවෙන් ගන්නා පියවර අතර එක් පියවරක් ලෙස මෙසේ මරණීය දණ්ඩනයට කැප වූ පුද්ගලයන් කාන්තා අංශය වෙත යොමු කිරීමට අදාළ පියවර මේ අනුව සාකච්ඡා වී තිබේ.

බොහෝ විට මෙම හුවමාරුව අද දිනයේ සිදුවනු ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතරේ වැලිකඩ සිර කඳවුරේ සියළුම කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාරයක් වෙත යැවීමට කටයුතු සංවිධානය කර ඇති බවද වාර්තා වේ.

Exit mobile version