මරණීය දණ්ඩනය නියමව සිටින සිරකරුවන් 260ක් මරණ ඳඩුවමින් මුදවීමට තීරණයක්!

ලංකාදීප –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරණීය දණ්ඩනය නියමව සිටින සිරකරුවන් 260 දෙනෙකුට ආසන්න පිරිසකගේ එම දඬුවම ඉතාම ඉක්මනින් ජීවිතාන්තය දක්වා අඩු කිරීමට කටයුතු යොදා ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය.

මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා මාර්ගයෙන් ජනාධිපතිවරයාට දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මරණීය දණ්ඩනය නියමවී වසර දහයකට වැඩි කාලයක් බන්ධනාගාරවල සිටින සිරකරුවන් 260 දෙනෙකු වෙනුවෙන් මෙලෙස දඩුවම් ලිහිල් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීහු බලාපොරොත්තු වෙති.

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මේදිනවල දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට විවිධ අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී බන්ධනාගාරවල සිටින සිරකරුවන් සංඛ්‍යාව පන් සියයකට අධිකය.


Exit mobile version