මරණය සමග පොරබදන කොවිඩ් රෝගීන් පිළිබඳ නිවෙස්වලින් ඇමතුම්… මැරෙන්න ඇර බලා ඉන්න වෙලා…

man has symptoms of the virus, lies in bed

කීර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩි ආසාදිත පුද්ගලයින් නිවෙස් තුළම මිය යෑමේ මුල්ම ඛේදනීය අවස්ථාව ප්‍රදර්ශනය වෙමින් ඇති බව බිම් මට්ටමේ සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

මේ වනවිට තම බලප්‍රදේශවලින්   අසාධ්‍ය කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්වෙත පැමිණෙන ඇමතුම් විශාල වශයෙන් වැඩි වෙමින් ඇති අතර ඒ සඳහා මැදිහත් වීමක් කිරීමේ   අවකාශයක් නැතිවෙමින් ඇති බව මේ පිළිබඳව කළ විම සීමකදී කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ. යූ.ටී කුලතිලකලංකාසරට පැවසීය.

බිම්මට්ටමේ සෞඛ්‍ය අංශ පවසන්නේ අසීරු රෝගීන්ව ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මේ වනවිට රෝහල් නොමැති නිසා තමන් කරකියා ගත නොහැකි තත්වකටය පත් වී සිටින බවය. 1990 ගිලන් රථ සේවයට ඇමතුම් ලබා දෙන රොගීන්ගේ ඇමතුම් සඳහා ක්‍රියාත්මක වී රෝගීන් රෝහල්ගත කිරීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

“ඉතාම අවාසනාවන්ත තත්වයක්. මිනිස්සු නිවෙස් තුළ නිරෝධායනය කරන්න පුලුවන් ආකාරය ගැන දක්වා තිබෙන චක්‍රලේඛවල කිසිම සෞඛ්‍ය නිර්නායකයක් සපුරා ගන්න බැරි නිවාස තමයි සියයට අනූවක් තිබෙන්නෙ. දැන් අසාධ්‍ය වී රෝගීන්ගේ නිවෙස්වලින් එන ඇමතුම්වලට උත්තර දී ගන්නවත් අපට බෑ. අපිත් අන්තිම අසරණයි.“

මේ පිළිබදව විමසීමේ දී සෞඛ්‍ය බලධාරියෙක් ලංකාසරට කීවේය.

Exit mobile version