මරණයට පෙර මහ රැජනගේ විඩාපත් වීම රනිල් ජනපති දැකලා… දුටු දේ අද පාර්ලිමේන්තුවේ දී කියයි!

දෙවන එලිසබෙත් රැජනගේ අභාවයට දින දෙකකට කලින් ඇය බ්‍රිතාන්‍ය අගමැති ධූරයෙන්  ඉවත් වන  අගමැති බොරිස් ජොන්සන් සමඟත් නව අගමැති ලිස් ට්‍රස් සමඟත් දවසින් අඩක් ගත කර තිබූ අතර ඇය එයින් විඩාපත්ව සිටින ආකාරයක් තමන් රූපවාහිනියෙන් දුටු බව  ජනපති රනිල් වික්‍රමසිංහ කීවේය.

හිටපු අගමැතිවරයෙක් සහ ඉන්න අගමැතිවරයෙක්   සමග දින භාගයක් ගතකිරීම සැබෑ ලෙසම වෙහෙසට කාරණාවක් බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ   අද  (23) දින  පාර්ලිමේන්තුව අමතමිනි.

අද දිනයේ පෙරවරු පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගී වූ ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ දෙවන එලිසබෙත් මහ රැජනගේ අභාවය වෙනුනේ ශෝකය පළ කිරීමේ ප්‍රකාශයක් නිකුත් කරමිනි.


එහිදී එලිසබෙත් රැජනගේ අභාවය වෙනුවෙන් අගාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  ඉදිරිපත් කළ ශෝක යෝජනාව අනුමත කරමින් අදහස් දැක්වූ ජනාධිතිවරයා රැජන විසින් ශ්‍රි ලංකාවට සහ පොදු රාජ්‍ය මණ්ඩලයටත් කළ සේවය පිළිබඳව අගය කරමින් අදහස් දැක්වූයේය.

තමන් ජනාධිපතිවරයා ලෙස පත්වු අවස්ථාවේ එවන ලද සුබ පැතීමේ ලිපි බැලීමේදී රැජන විසින් තමන්ට ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව සුබපැතුමක් එවා තිබූ බවත් එය අවසන් සුබ පැතුම නොවේ නම් ඇය විසින් අවසන් වරට යවන ලද සුබ පැතුම්වලින් එකක් විය හැකි බවත් පැවසූ ජනාධිපතිවරයා ඇයගේ සැමියා මිය යාමෙන් පසුව යම් මානසික බිඳ වැටීමකට ලක්ව සිටියබද ඇය මෙතරම් ඉක්මනින් අවසන් ගමන් යතැයි කිසිවකු බලාපොරොත්තු නොවූ බව ද කීවේය.

දෙවන එලිසබෙත් රැජන ශ්‍රි ලංකාවේ රැජන ලෙසත් කටයතු කළ බවත්,  ඇය ශ්‍රි ලංකාවේ දේශපාලනයේ වර්ධනය වෙනුවෙන් තීරණාත්මක කාර්යයක් කළ බවත් ජනාධිපතිවරයා  සිහිපත් කළේය.

ශ්‍රි ලංකාවේ රැජන ලෙස ඇය 1956 මහ මැතිවරණය පැවැත්වීමට දායකත්වයක් ලබා දුන් බව සඳහන් කළ ජනාධිතිවරයා ඇය ශ්‍රි ලංකාවේ බුදුදහම ආරක්ෂා කරීම සම්බන්ධයෙන්ද විශේෂ කාර්ය භාරයක් කළ බව කීවේය.

1956 දෙදහස් පන්සිය වන සම්බුද්ධත්ව ජයන්ති උත්සවයේදී ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායිකාව ලෙස සම්බුද්ධත්ව ජයතන්ති සැමරුමේ ප්‍රධානත්වය ඉසිලු බවද ජනාධිපතිවරයා  සිහිපත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩොමිනියන් රාජ්‍යයක සිට එක්සත් ඒකීය ජනරජයක් දක්වා සිදුවූ දේශපාලනික පරිවර්තනවලදීද ඇය සුවිශේෂ කාර්යභාරයක් කළ බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Exit mobile version