මම බාර ගන්නේ මම කරපු වැරදි විතරයි සීතම්මේ – මධුෂ්ව හදාගත්ත පුංචි අම්මට කියලා…

අද අවසන් ගමන් ගිය නමගිය අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන්නකු වූ මාකඳුරේ මධුෂ් තමන් උරුලෑවකු වගේ ගඳ ගසමින් අත්අඩංගුවෙන් නිදහස්ව එළියට නොඑන බවත් තමන් සමඟ ගනුදෙනු කළ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ ව සියලු තොරතුරු එළියට දමන බව තමන්ට ප්‍රකාශ කළ බවත් මධුෂ්ගේ පුංචි අම්මා වන ඒ.ඩබ්ලිව් ශ්‍රියානි ය අද (21) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියාය.

මහරගම පමුණුව පන්සල පාරේ නිවසක මාකඳුරේ මධුෂ්ගේ දේහය කැනප්ත කර තිබුණි.  එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ මධුෂ්ගේ මව මිය යාමෙන් පසුව ඇය මධුෂ් හදා වඩා ගත් බවය . එහිදී තවදුරටත් අදහස් දැක්වූ මෙම කාන්තාව සඳහන් කළේ 2019 වසරේ මැයි මාසයේ සිට නොකඩවා සෑම සෙනසුරාදා දිනයකම ඔහු බැලීමට ලැබෙන අවසථාවේ දී ඇය පැමිණ මධුෂ් බලන බවය. ඒ ගැන ඇය පැවසූවේ මෙසේය.

“ මම හැම සෙනසුරාදාට මේ දරුවා බලන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එනවා. මට එයා කතා කරන්නේ සීතම්මා කියල. මම උරුලෑවෙක් වගේ මේකෙන් එළියට එන්නේ නෑ සීතම්මේ. එයා කිව්වා මම කරපු වැරදි විතරක් මම බාර ගන්නවා. ඒත් මගේ නමට දාපු අනෙක් ඒවා මම බාර ගන්නේ නෑ. මම ඔක්කොම එලි කරනවා කියල. මේ දරුවා ගොඩක් දේවල් ඉස්සරහට එළි කරන්න හිටියා. මට හොඳටම සැකයි මේ ඔක්කොම එලි වෙයි කියල මේ දේ වුණා කියල. එයා කිව්වා මගේ නමට දාපු හැම නඩුවක්ම මට බාර ගන්න බෑ සීතම්මේ . මම ඒවට සම්බන්ධ අය කියනවා කියල.

මළ ගෙදරට ගිය බොහෝ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ගෙන් මධුෂ්ගේ පවුලේ අය ඉල්ලා සිටියේ ඔහුගේ දේහය හැර මලගෙදර සිටි සෙසු අය ඡායාරූප හෝ වීඩියෝ ගත නොකරන ලෙසය. එසේම ඔහුගේ අවසන් කටයුත සිදු කරන අවස්ථාවද ඡායාරූප ගත නොකරන ලෙස ඔවුහු ඉල්ලීමක් කර ඇත.

ආගමික අවතාවත්වලින් පසුව ඔහුගේ දේහය අද සවස ගොඩිගමුවේ සුසාන භූමියේදී මිහිදන් කෙරුණි.

 පතාලයේ මධුෂ් හා සම්බන්ධ කිසිම අපරාධ කරුවෙක් මේ මරණයට එක් නොවූ බව පොලිස් බුද්ධි අංශ කීවේය. අවසන් කටයුතු චාම්ව පවත්වා තිබිණි. මරණය සඳහා වියදම් කර තිබුණේ මධුෂ්ගේ ඩුබායි හි වෙසෙන බිරිය ය. මාතර ප්‍රදේශයෙන් බස් කීපයක පිරිස පැමිණ තිබිණි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සියලු දෙනාම මධුෂ්ගේ ඥාතීන් බව බුද්ධි අංශ පැවසුවේය. 


Exit mobile version