“මම තවම ලක් සතොස සභාපති – ඉවත් වුණේ සතොසෙන් පමණය”

නුෂාඩ් කියයි

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස සභාපති ධුරයෙන් මා ඉවත් වූ බවත් ලක් සතොස ආයතනයේ සභාපති ලෙස තවදුරටත් කටයුතු කරන බවත් එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.

ඊයේ ඇතැම් මාධ්‍යවල තමා සභාපති ධුරයෙන් ඉවත් කළ බවට වාර්තා පළ වුවද තමන් සතොස සභාපති ධුරයෙන් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස් වූයේ පසුගිය නොවැම්බරයේ දී බවද ඔහු සඳහන් කරයි.

තවදුරටත් මේ පිළිබඳව අදහස් දක්වන පෙරේරා මහතා වර්තමාන රජය තමන් ආයතන දෙකක සභාපති ධුරයට පත් කළ බව සඳහන් කරයි.


ඒ අනුව ගබඩා සහ ලොරි රථ මෙහෙයුම් සිදුකෙරෙන සතොස ආයතනය සහ සිල්ලර වෙළඳසැල් මෙහෙයුම් කටයුතු සිදු කරන ලංකා සතොස ආයතනයත් කොවිඩ් දෙවැනි රැල්ලත් සමඟ ඇති වූ වැඩ අධික බව සහ දැඩි කැපකිරීමක් කිරිමට සිදුවීම මත වැඩි කාලයක් සතොස ආයතනය වෙත යොමු කිරීමට අවශ්‍ය වූ බැවින් තමන් පසුගිය නොවැම්බර් මාසයේදී අනෙක් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු ප්‍රකාශ කළේය.

ඔහු පවසන්නේ ඇතැම් පුද්ගලයන්ට සැඟවුණු න්‍යාය පත්‍රයක් මත තමන් මෙම සභාපති ධුරවලින් ඉවත් වන බවට ගෙන ගිය ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම සතොස සිල්ලර වෙළඳ ආයතන හාරසියයක් පාලනය කෙරෙන ලංකා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

Exit mobile version