හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සොයුරු තිසර නිරෝෂණ නානායක්කාර අද (28) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත්තේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ මනුෂ නානායක්කාර කම්කරු හා විදේශ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරන අවධියේ එහි සිදුව ඇතැයි පවසන රැකියා ජාවාරමක් සම්බන්ධව පරික්ෂා කිරීමට මනුෂගේ සහෝදරයා බිබිල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බවය.
පින්ලන්තයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී මුදලින් රුපියල් ලක්ෂ 40ක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන පුද්ගලයෙක් වංචා කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ලවී තිබිණි.
සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන සිදුවන බවත් ඔහු හෙට දින ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.







