මනාපය එපා… මේ දේශපාලන ක්‍රමයෙන් සමු ගන්නවා… මංගල නිවේදනය කරයි.

අද (09) සිට තමන් මන්ත්‍රී දේශපාලනයට සමු දීමට තීරණය කළ බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර නිවේදනය කළේය. අද  මෙම නිවේදනය ඔහු විසින් නිකුත් කරන්නේ ඊයේ (8) මාතර පිහිටි ඔහුගේ නිවසේ දී මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් ප්‍රමුඛ ක්‍රියාකාරීන් පිරිසක් සමග කළ සාකච්ඡිවකින් අනතුරුව ගත් තීරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහාය.

එබැවින් සමග ජන බලවේගයෙන් තමන් ඉදිරිපත් කර ඇති නාම යෝජනා ප්‍රකාරව මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව කී මංගල සමරවීර තමන්ට මනාප  ලබානොදෙන ලෙස මාතර දිස්ත්‍රික් ඡන්ද දායකයන්ට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධව තමන් එජාප නායක රනිල් වික්‍රමසිංහට සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට දැනුම් දුන් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. මැති ඇමතිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සඳහා තරග වදින මේ දේශපාලන ක්‍රමයෙන් ඉවත් වුවත් තමන් කිසිසේත්ම දේශපාලනයෙන් සමු ගැනීමට හො විශ්‍රාම ගැනීමට අදහස් නොකරන බව මංගල සමරවීර පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, සමාජ අනන්‍යතා සංස්කෘතීන් ඉවසන, එකිනෙකා කෙරෙහි වෛරයෙන් නොබැඳුණු මිනිස් කැළක් හා එක්ව නිවැරදි සංවර්ධන දිශානතියක්ගොඩනැගීම වෙනුවෙන් නව දේශපාලන ප්‍රවේශයක ඇරඹුම අවශ්‍ය බවත්, ඒ සඳහා රටේ මිනිසුන් උප්පත්තියෙන් හිමිකරගත් ජාතිය, කුලය, ආගම, ජන වර්ග,හෝ ලිංගික අනන්‍යතා සාධක තම හිස මත පටවා නොගත් දේශපාලන, සංස්කෘතික හා සමාජ කුහකත්වයෙන් තොර සියලු මිනිසුන්ට ආරාධනා කරන බවත් වැඩිදුරටත් පවසා සිටියේය.

Exit mobile version