මන්නාරම ප්‍රාදේශීය සභා සභාපති හෙට සිට තනතුරින් පහ කරයි… මන්ත්‍රීකමත් අහෝසියි…

දිනසේන රතුගමගේ –

බලය අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා ඔප්පු වීමෙන් පසුව මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහීර්ව උතුරු පළාත් ආණ්ඩුකාරවරිය  විසින් හෙට ( 14 )   සිට සභාපති ධූරයෙන් ඉවත් කොට තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී.එම්.එස්.චාර්ල්ස්  සිය ලිපිය මගින් දැණුම් දී ඇත්තේ  මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව ප්‍රාදේශීය සභාවේ සාමාජිකත්වයෙන් ද පහකර ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සභාපතිවරයාට එරෙහිව ආණ්ඩුකාරවරිය වෙත ලැබුණු පැමිණිලි රැසක් විභාග කිරීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරිය මේ තීරණය ගෙන ඒ බව ගැසට් නිවේදනයක් මගින් දැණුම් දී තිබේ.


Exit mobile version