මන්නාරම කතෝලික පල්ලිවලට ගහන්නෙ කාදිනල්තුමාගේ මාධ්‍ය හමුවෙන් පසුව වීම සැකයක්… පොලිසිය කියයි..

මන්නාරමේ පිහිටි කතෝලික සුරුවම් වලට එල්ලකරන පහරදීම් සංවිධානාත්මකව සිදුවන්නක් බව ආරක්ෂක අංශ සැකකරයි.

දිගින් දිගටම සුරුවම් වලට ප්‍රහාර එල්ලවීම හේතුකොටගෙන ඊයේ සිට හමුදාවේ සහ පොලීසයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් මන්නාරමේ ක්‍රියාත්මක කර ඇත.

පොලිස් ප්‍රධානියෙක් සඳහන් කරනු ලැබුවේ හිටි හැටියේම සිදුකරන මෙම පහරදීම ජනතාව අතර යම් නොසන්සුන් තත්වයක් ඇති කිරීමේ අරමුණින් සිදු කරන්නට ඇතැයි සැකයක් පවතින බවකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රහාරයන් එල්ලවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් අනතුරුව බැවින් ඒ ගැනද සැකයක් ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය

Exit mobile version