මන්නාරමේ දෙවන කොවිඩ් මරණය ආදහනයට යළිත් දැඩි විරෝධයක්…

විරෝධය හමුවේ පළමු රෝගියාගේ දේහය ආදහන කළේ වව්නියාවේ...

දිනසේන රතුගමගේ –

මන්නාරමේදී මියගිය දෙවන කොවිඩ් ආසාදිත රෝගියාද මුස්ලිම් ජාතිකයෙකු වීමත් සමගම ඔහුගේ සිරුර ආදාහනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් ගෙන ඇති තීරණයට මන්නාරමේ මුස්ලිම් වැසියන් පිරිසක් යලිත් දැඩි  විරෝධය එල්ලකරමින් සිටිති.

මෙසේ මියගොස් ඇත්තේ මන්නාරම මුසලි ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය සතියේදී කොරෝනා රෝගය වැළඳීම නිසා ඔහුව මන්නාරම රෝහලට ඇතුළත් කොට තිබූ අතර එහි  කොරෝනා මර්දන ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් තිබේ.


මීට පෙර මන්නාරමේදී  කොරෝනා රෝගයෙන් මියගොස් පලමු රෝගියා ආදාහනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් ගත් තීරණයට විරෝධය පලකරමින් මන්නාරම නගරයේ වෙළඳ සැල් වසා දැමුණු අතර එම තත්ත්වය නිසා  මියගිය පුද්ගලයාගේ ආදාහනය වවුනියාව පූන්තෝට්ටම් ආදාහනාගාරයේ දී සිදු කිරීමට මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන්ට සිදු විය.

ඒ වෙනුවෙන් වියදම් වූ මුදල රජයට ගෙවීමද මියගිය අයගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කොට තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙවන වරට මියගිය පුද්ගලයාගේ ආදාහන කටයුතු සම්බන්ධයෙන්  අද (24) තීරණයක් ගැනීමට නියමිත බව මන්නාරමේ සෞඛ්‍ය නිලධාරීන් කියා සිටියහ.

Exit mobile version