මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

දිනසේන රතුගමගේ –

මන්නාරමේ කීරි ප්‍රදේශයේ  හටගත් ගින්නක් හේතුවෙන් තල් අක්කර දහයක් ඇතුළු තවත් අක්කර විසිපහක් පමණ ගින්නෙන්   විනාශ වී ගොස් තිබේ.

ඊයේ (23) ඇති වූ  ගින්න හේතුවෙන් තල් ගස් 600 ක් පමණ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ගොස් ඇත.

මන්නාරමේ හදිසි ගිනි නිවන ඒකකයක් නොමැති නිසා නාවික හමුදා නිලධාරීන් ටැක්ටර්  වලින් ජලය රැගෙන විත් එම ගින්න නිවා දමා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.  මන්නාරම පොලීසිය ප්‍රකාශ කරන්නේ මහා මාර්ගයේ ගිය කවරෙකු විසින් හෝ   කැලයට ගිනි තැබීම නිසා මෙම ගින්න පැතිරෙන්නට ඇති බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version