මන්නාරමට ගේන්න හැදූ කෝටි 40ක අයිස් මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලාංකිකයන් 03ක් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට….

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 40 කට වඩා වැඩි වටිනාකමකින් යුත්  අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ගෑම් 10.5 ක ප්‍රමාණයක් තූත්තුකුඩිය හරහා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සූදානම් කොට තිබියදී   සැකකරුවන් හත් දෙනෙකු  සමග එම මත්ද්‍රව්‍ය තොගය  තමිල්නාඩූ පොලීසිය විසින් ඊයේ ( 20 ) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය පැකැට් පහක් තුල බහා මසුන් මැරීම සඳහා පමණක්  අවසර ලබා දි ඇති බෝට්ටුවක සඟවාගෙන  මන්නාරමට රැගෙන ඒමට උත්සහ කළ සැකකරුවන් හත් දෙනාගෙන් තුන් දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර ඉතිරි හතර දෙනා ඉන්දීය ජාතිකයන්  බවට හඳුණාගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට පත් සැකකරුවන් හත් දෙනා තමිල්නාඩුවේ ප්‍රාන්ත අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.


 

Exit mobile version