මන්ත්‍රී වුණත් ප්‍රේමලාල්ට හිරගෙදරදී මරණ දඬුවම හිමි වූවකුගේ සිර බතමයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයතු ලෙස ඊයේ (08) දිවුරුම් දුන් මරණිය දණ්ඩණය හිමි වූ සිරකරුවකු වන ප්‍රේමලාල් ජයසේකර මහතාට ලැබෙන එකම වරප්‍රසාදය පාර්ලිමේන්තු සැසිවාර සහ අදාළ රැස්වීම්වලට සහභාගී වීම පමණක් බවත් එම සැසිවාරවලින් පසුව යළිත් මරණීය දණ්ඩය හිමි සිරකරුවකු ලෙස බන්ධනාගාරය තුළ ගත කළ යුතු බවත් බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මරණීය දණ්ඩය හිමි වූ රැඳවියන්ට වෙන් වූ ඇඳුමක් තිබෙන එය උඩුකය ආවරණය වන කමිසයක් සහ යටි කය ආවරණය කරන රෙදිකඩකි. ඊයේද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසුව විශේෂ ආරක්ෂාවක් යටතේ පැමිණි ප්‍රේමලාල් ජයසේකර එයින් මෙම ඇඳුමට මාරු විය.

මරණීය දණ්ඩනය හිමි සිරකරුවන් අඩු පහසුකම් සහිත චැපල් වාට්ටුවේ සිරමැදිරියට ඔහු යොමු කෙරිණි. නිදා ගැනීම සඳහාද හිමි වන්නේ කොට්ටයක් සහ පැදුර පමණි.පිටතින් ආහාර ගෙනවිත් දීමටද ඔවුන්ට අවසර ලැබෙන්නේ නැත.


ජයසේකර මහතා පාර්ලිමේන්තුවට සහභාගී කරවීම සඳහා කථානායකවරයා ඉල්ලීමක් කර තිබුණද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා තිබිණි.

කෙසේ වුවද නීතිපතිවරයාගේ උපදේශය වූයේ ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ හැකියාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොමැති බවය.

කෙසේ වුවද මේ වනවිට අභියාචනාධිකරණයේ තමන්ට එරෙහි දඬුවම සම්බන්ධයෙන් ඇපෑලක් ඉල්ලා ඇති ප්‍රේමලාල් ජයසේකර ට පාර්ලිමේන්තුවට යාමේ අවසරයද අභියාචනාධිකරණයෙන් ලබා ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අභියාචනාධිකරණ නියෝගය අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු පාර්ලිමේන්තුවට සහභාගී කරවීමට කටයුතු යොදා ඇත.

Exit mobile version