මන්ත්‍රී මධුර විතානගේ ගමට යයි…

ඔබේසේකරපුර දන්ත ශල්‍යාගාරය සහ බතික් අත්කම් පුහුණු මධ්‍යස්ථානය නිරීක්ෂණයක් සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා අද දින එක්වී තිබේ.

එම ස්ථානවල ඇති අඩුපාඩු සොයා බලමින් එය තමන්ට ලැබෙන ප්‍රතිපාදන මගින් සිදුකිරීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

“පසුගිය අයවැය විවාද සමයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රීවරුන්ට ගමට යන්න බෑ යයි මතයක් ගොඩනැගීමට උත්සාහ කරා. නමුත් මා ජීවත් වෙන්නේ සහ මා සිටියේ ද ඒ සමයේ පටන්ම මගේ බල ප්‍රදේශයේ” බව මන්ත්‍රීවරයා කීය.


ජනතාවගේ අවශ්‍යතාවයන් ජනතාවගේ අඩුපාඩු සොයා බැලීම සඳහා තමන්ට ඕනෑම මොහොතක ගමට ඒමේ හැකියාව ඇති බවද මන්ත්‍රීවරයා විපක්ෂයට පැහැදිලි කරන බවත් ප්‍රකාශ කර සිටියේය.

මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුර මධුර විතානගේ මන්ත්‍රීවරයා තම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් ද හමුවිය.

එහිදී ප්‍රදේශවාසීන්ගේ ඇතැම් ගැටළුවලට ක්ෂණික විසඳුම් ලබා දීමට ද මන්ත්‍රීවරයා කටයුතු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා කෝට්ටේ මහා නගර සභාවේ නගරාධිපති ශාන්ත ප්‍රේමලාල් මහතා, නාගරික මන්ත්‍රී ප්‍රභාත් තුෂාර මහතා හා රාජ්‍ය නිලධාරින්ද සහභාගී වූහ.

Exit mobile version