මන්ත්‍රිලාට ජීප්රථ ගෙන්වීම නවත්වන්න බැරිවෙයි – ඇමති කෙහෙළිය කියයි

keheliya rambukwella

පාර්ලිමේන්තු මැතිඇමැතිවරුන්ගේ පරිහරණය සඳහා ගෙන්වීමට යෝජනා කළ ජීප්රථ ඇතුළු ආණ්ඩුවේ පාවිච්චිය සදහා රුපියල් බිලියන 3.7 ක වියදමින් සුපිරි වාහන 399ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතියට ඉදිරිපත් විමට පෙර ණයවර ලිපි නිකුත් කර ඇති බැවින් එය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය සහ සම-කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පසුගිය සඳුදා රාත්‍රි (7) හිරු ‘සලකුණ’ රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ එය ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් බැවින් එමේ අවලංගු කළ නොහැකි බවකි.

ලංකා බැංකුව හරහා මීට අදාළ ණයවර බැංකු හරහා ණයවර ලිපි විවෘත කර ඇති බැවින් ඒකපාර්ශවිකව අවලංගු කළ නොහැකි බවද අමාත්‍ය රඹුක්වැල්ල එහිදී පිළිගත්තේය.


මෙම වාහන 400න් 225 ක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ගෙන්වීමට යන වාහන වන අතර ඒ සඳහා වැයවන ඇස්තමේන්තු ගත මුදල රුපියල් කෝටි 243කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ ගෙන්වීමට නියමිත වාහන අතර නවතම ටොයොටා ලෑන්ඩ් කෲසර් ප්‍රාෙඩා් ජිප් රථ 228 ක්, නවතම ටොයොටා හයිලක්ස් ෆෝවීල් ඩබල් කැබ් 50ක්, නවතම හිනෝ ඉන්ටර්කූලර් ටර්බෝ ලොරි චැසි 52 ක්, නවතම ටොයොටා හයිඒස් ගිලන්රථ 50 ක් ඇතුළු වාහනයි.

Exit mobile version