මනම්පිටිය මාරක අනතුරින් 02ක් මරුට… කාන්තාවකට අසාධ්‍යයයි…

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව  මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ආච්චි බෝක්කුව ප්‍රදේශයේදි 24 වැනිදා අලූයම එකට පමණ ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ  ගැටී සිදුවූ වූ අනතුරෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් එක් කාන්තාවක් බරපතළ තුවාල ලබා  පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලීසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අංක 474 සේරා මාවත සියඹලාගස්කොටුව ලිපිනය පදිංචිව සිටි 44 වියැති  අබ්දුල්  ජමීත් අබුල් හුසයින් හා මැටිවලගෙදර , කුරුම්බාව,නාරම්වල ලිපිනයේ පදිංචිව සිටි  49 වියෙති මොහොමදු රසිදු මොහොමදු සාලි යන අය බව මනම්පිටිය  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර   සඳහන් කළේය.

මෙම  අනතුරෙන්  බරපතළ තුවාල ලබා පොලොන්නරුව මහ  රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින වයස අවුරුදු 45  වියැති   සත්‍යමනී ඥානසේකරම්  කාන්තාව විදේශගත වීම සඳහා   අදාල ලියකියවිලි  කොළඹ  ඒජන්සියකට ලබාදී එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව මූලික  පරීක්ෂණවලදී  තහවුරු වී ඇති බවද   මනම්පිටිය පොලිසිය  සදහන් කරයි.


අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන 24 වෙනිදා    පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට  නියමිත බව ද පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අනතුර පිළිබඳව පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඕශාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් ප‍රිදි,  වැලිකන්ද සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා මහතාගේ   මෙහෙයවීමෙන් මනම්පිටිය පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස්   නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Exit mobile version