මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපතිට මරණ තර්ජන….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපතිවරයාට එම අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් වැඩ ආවරණය කරන කළමණාකරු විසින් මරණීය තර්ජන එල්ල කිරීමක් පිලිබඳව සභාපතිවරයා මාතලේ පොලිසිය වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.

මේ සම්බන්ධව ප්‍රවාහනසේවා අධිකාරියේ සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ පෙරේදා (06) සවස තම දුරකථනයට කතා කළ මෙම නිලධාරියා අසභ්‍ය වචනයෙන් බැණ වැදී මරා දමන බවට තර්ජනය කළ බවය.

එම දුරකථන සංවාදයේ හඬ පටය තමන් ලඟ ඇති බව ඔහු කීවේය.

මෙම නිලධාරියා අධිකරණය දක්වා ගොස් තිබෙන දැනට පුරප්පාඩුව ඇති නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තරනතුර ලබා ගැනීමට විවිධ දේශපාලන බලපෑම් කරමින් කටයුතු කළ බවත්, එහෙත් එම තනතුර සඳහා අදාල සුදුසුකම් නොමැති මේ තැනැත්තා වෙනුවට අදාල සුදුසුකම් සැපිරූ පුද්ගලයෙක් වෙත ලබා දීමට කටයුතු කිරීම නිසා මෙම තර්ජනය එල්ල කළ බවත් සභාපතිවරයා කීවේය.

සභාපතිවරයා කියන්නේ මෙම මරණ තර්ජන කළ නිලධාරියාට ඇත්තේ අපොස සාමාන්‍යපෙළ සුදුසුකම පමණක් බවත්, මොහු ප්‍රවාහන අධිකාරියේ පරිපාලනය නොමග යවමින් හා දේශපාලන බලපෑම් කරමින් කළමනාකාර තනතුරක් දක්වා අවිධිමත් ලෙස උසස්වීම් ලබා ගත් නිලධාරියෙක් බවය.

පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස සේවය කරමින් සිට පොලිස් සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් නොවී ප්‍රවාහනසේවා අධිකාරියට සම්බන්ධ වී ඇති බව ද ඔහු කරන ලද වංචා සහගත ක්‍රියාවන් සම්බන්ධදෙයෙන් වූ පැමිණිල්ලක් පළාත් ආණ්ඩුකාරවරයා ඇතුලු ඉහළ බලධාරීන්ට යොමුකර දැනට විභාග වෙමින් තිබෙන බවද එම සභාපතිවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

Exit mobile version