රාජ්‍ය ආයතන ද ඇතුළු ආයතනවල කොවිඩ් මර්දනයට යයි කියා සිදු කෙරෙන මහා පරිමාණ විෂබීජ නාශක වැඩපිළිවෙළින් සිදුවන්නේ පරිසර හානියක් මිස එයින් කොවිඩ් පාලනයක් සිදු නොවන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ප්‍රතිශක්තිය පිළිබඳ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පැවසුවාය.
පසුගියදා මාධ්‍ය හමුවේ අදහසක් දක්වමින් ඇය පැවසුයේ මදුරු කීටයන් විනාශ කරන ආකාරයෙන් ගොඩනැගිලි බිත්ති වාහන ටයර් ආදියටම විශාල රසායන ද්‍රව්‍ය කෑන් එල්ලාගෙන යන්ත්‍ර මඟින් ඉසීමෙන් ඵලක් නොවන වවත් ආසාදනය පැතිරී යාමේ අවදානම සහිත පුද්ගලයන්ගේ අත් නිතර ගැටෙන ස්ථාන පමණක් විෂ බීජ නාශනය කිරීම ප්‍රමාණයක් බවත් ඇය අවධාරණය කළාය.
මහාචාර්ය මලවිගේ එහිදී තවදුරටත් මෙසේද සඳහන් කළාය. “ මේ විදිහට සිදු කරන විෂ බීජ නාශනය තේරුමක් නැති වැඩක්. එයින් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අනවශ්‍ය ලෙස පරිසරයට නිදහස් වෙනවා. අනෙක විශාල වියදමක් ද යනවා. ආයතන පරිශ්‍රවල කොවිඩ් වෛරසය පැතිරීම හෝ පැවතීම විනාහ කිරීමට කළ යුත්තේ නිතර නිතර ජනතාවගේ අත් ගැටෙන ස්ථාන විෂ බීජ හරණය කිරීමයි. විශේෂයෙන් දොර හැඬල, පඩිපෙළවල අත් වැට, සෝපානාවල දොරටු, එහි අත් ගැටෙන තැන්, වැසිකිලි , මේස, පුටු ආදියෙහි අත් ගෑවෙන ස්ථාන ආදියයි.එම ස්ථාන වැඩි වැඩියෙන් නිතර විතර පිරිසිදු කිරීම ප්‍රමාණවත්. එහෙම නැතිව දවසට සැරයක් ලොකු ඇඳුම් කට්ටලයක් ඇඳගෙන ඇවිත් ව කෑන් පිටේ එල්ලාගෙන මදුරු කීටයන් නාශනය කරන ආකාරයට රසායනික ද්‍රව්‍ය ඉසීම තේරුමක් නෑ. “ යයි සඳහන් කළේය.