මදුරන්කුලිය ජනතාව ජනපතිගෙන් කළ ඉල්ලීම් ඵල දරයි

මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය, ජීවනගම – කජුවත්ත මාර්ගය සහ කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය – මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා කොටසේ සංවර්ධන වැඩ අවසන් අදියරට පැමිණ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයට ගිය අවස්ථාවේදී සිසුන් කළ ඉල්ලීම යුද හමුදා ඉංජිනේරු බලකාය වෙත යොමු කරනු ලැබීය. එතැන් සිට දින 18ක් වැනි කෙටි කාලයකදි ක්‍රිඩාපිටියේ ඉදිකිරීම්වලින් 90%ක පමණ වැඩ අවසන් කර තිබේ.

වර්ෂා ජලයට යටවීමෙන් ක්‍රිඩාංගණය සේදී යමින් තිබිණ. පස් කියුබ් 2200ක් අතුරා එය ගොඩ කර, විධිමත් කාණු පද්ධතියක් සහිතව සංවර්ධනය කෙරේ. ක්‍රීඩාංගණයේ අනාරක්ෂිත ගොඩනැගිල්ල ඉවත් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. දැනටමත් ගොඩනැගිල්ල කඩා ඉවත් කර තිබෙන අතර, නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.


ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ජීවනගම – කජුවත්ත දක්වා මාර්ගයේ කි.මි 4.6ක් වු කොටස කාපට් අතුරා සංවර්ධනය කෙරෙමින් පවතී.

ඊට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 100කි. මදුරන්කුලිය – තොඩුවාව සහ කල්පිටිය – පුත්තලම මාර්ග යා කෙරෙන මාර්ගය අබලන් වීම නිසා දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ ජනතාව ගැටළු රැසකට මුහුණ දුන්හ. කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානය වෙත පැමිණෙන සංචාරකයින්ට ද කෙටි මාර්ගයක් ලෙස මේ මාර්ගය භාවිත කළ හැක.

කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා මාර්ගය අබලන්වී තිබීම ගැන ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව එහි ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කෙරුණු අතර කි.මි 9.7ක මාර්ග කොටස කාපට් අතුරා සංවර්ධනය කෙරෙමින් පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධික වර්ෂා කාලයට මාර්ගයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වේ. එය මීටර් 05 ක් පළලට සංවර්ධනය කෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250කි.

 

Exit mobile version