මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් නිසා අක්කර 300 වගා බිම් විනාසයි… මිනිස්සු උද්ඝෝෂණයේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



කීර්ති ප්‍රනාන්දු

දෙවලපල දුංගොල්පිටිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මතස්‍ය අභිජනන මධ්‍යස්තානයක් හේතුවෙන් තමන් පාරම්පරිකව වගා කළ කුඹුරු අක්කර තුන්සීයට ජලය ලැබුණු ජල උල්පත් විනාශවන බව කියමින් ප්‍රදේශයේ හිමිවරුන්, පූජකවරුන් ප්‍රමුඛ ප්‍රදේශවාසීහු අද (27) එම ව්‍යාපෘති භූමියට එක් වී විරෝධය පල කළහ.

දෙවලපල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ විහාරාධිපති කයිකාවල ධර්මප්‍රිය හිමි, කමරාගොඩ මෙතෝදිස්ත දේවස්ථානයේ මහේෂ් රංගන දේවගැති තුමන් ඇතුළු ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ මේ ව්‍යාපෘතිය නිසා සමස්ථ ජන ජීවිතය බිඳවැටෙන බවය.
කුඹුරු ගොවිතැන සඳහා ජලය ලබා ගත් පෞරාණික ඇල මාර්ග දෙකක් සහ ඉතා වටිනා ස්වභාවික ජල උල්පත් සහිත භූමිය මේ වනවිටත් සෑහෙන දුරට විනාශ වී ඇති බව ප්‍ර දේශවාසීහු පෙන්වා දුන්හ.

පසුව නායක හිමියන් ප්‍රධානත්වයෙන් එම ව්‍යාපෘති භූමියට ව්‍යාපෘති හිමිකරු හා පොලිසිය කැඳවා සිදුකළ කරුණු දැක්වීමකින් පසු හෙට (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය විය.
ව්‍යාපෘතිය හිමිකරු පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා බලය ලත් සෑම අංශයකින්ම තමන්ට අනුමැතිය ලැබී ඇති බවය. මේ කැණීම් හේතුවෙන් ජනතාවට ගැටලුවක් වේ නම් එම ගැටලු හඳුනාගෙන විසඳුම් ලබා දෙන බවත්ය.

Exit mobile version