මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය සුරාබදු නිලධාරීන්ට පහර දී කපා දමලා… එක් නිලධාරියෙක් රෝහලේ!

සුමිත් පොතුපිටිය –

ඈෂ් මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය සුරාබදු නිළධාරීන් දෙදෙනෙකුට පහරදී තියුණු ආයුධයකින් කපා දැමීම නිසා එක් නිළධාරීයෙකු ඊයේ (31) පස්වරුවේ රෝහල් ගතකර ඇති බව මතුගම පොලිසිය පවසයි .

කොළඹ, මාළඹේ ප්‍රදේශයට අනුයුක්තව රාජකාරි කරන නිළධාරීන් දෙදෙනෙකු මෙසේ පහර කෑමට ලක්ව ඇති බවත්, කැපුම් තුවාල සිදුවූ එක් නිළධාරීයෙක් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති බවත් පොලිසිය කීය.

ඈෂ් මත්ද්‍රව්‍ය වැටලීමකට පැමිණ නිළධාරීන්ව මතුගම , සිරිකදුල ප්‍රදේශයකට කැටුව ගොස් ඇති සැකකරුවන් නිළධාරීන් සන්තකයේ තිබූ මුදල්ද උද්‍රරා ගැනීමට යාමේදී දෙපිරිස අතර ගැටුම සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.

සැකකරුවන් හදුනාගෙන ඇති බවත් ඔවුන් සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය කීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති

Exit mobile version