මත්ද්‍රව්‍ය මිලට ගන්න යාපනය සරසවි සිසුන් 2ක් ජංගම දුරකතන සොරකමේ යෙදිලා

දිනසේන රතුගමගේ

ජංගම දුරකතන හොරකමේ යෙදී සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු යාපනය පොලිසිය විසින් 10 දා ත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සිසුන් දෙදෙනෙකු බවත් ඔවුන් මත්ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ජංගම දුරකතන වැනි දේ සොරාගෙන අලෙවි කොට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් දෙදෙනා යතුරු පැදිවලින් ගොස් ජංගම දුරකතන හොරකම් කොට එම යතුරු පැදිවලින්ම ගොස් පුද්ගලයන් සමග කතාබස් කොට එම දුරකතන අලෙවි කොට ඇති බවද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සිසුන්දෙදෙනා පිළිබඳ යාපනය පොලිසිය විසින්  යාපනය  විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය වෙත දැනුම් දී ඇති අතර එහි නිලධාරීන් දෙදෙනෙකු යාපනය පොලිසියට ගොස් ඔවුන්ව හඳුනාගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් දෙදෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ.

Exit mobile version