මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

හෙරොයින් මත්කුඩු  මිලිග්‍රෑම් 2150 ක් සමග අධිකරණය ඉදිරිපත් කිරීම සඳහා ගෙන ගිය   සැකකරුවෙකු අද (05) දහවල් මහනුවර අධිකරණ සංකීර්ණයේ දෙවැනි මහලෙන් බිමට පැනීමෙන් බරපතළ තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

මහනුවර පොලීසියේ දූෂණ මර්දන  අංශය මගින් සැකකරු මහනුවර පොලීසිය ඉදිරිපිට දී ඊයේ (04) පස්වරුවේ    අත්අඩංගුවට ගනු  ලැබ තිබිණි.

ඔහු අධිකරණ සංකීර්ණයේ  දෙවැනි මහලින් බිමට පැන ඇත්තේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් රැගෙන ගොස්  සිටියදීය.

දෙවැනි මහලින් බිමට පනින ලද සැකකරු තුවාල ලැබ සිටිය දී  පොලිස් නිලධාරීන්  1990 ගිලන් රථයකින් රැගෙන ගොස් ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.


හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට  පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි

Exit mobile version