“මට කළේ එදා චන්ද්‍රිකා මහින්දට කළදේමයි.. කලබල නොවී අභියෝගය භාරගන්නවා”

මෙවර මැතිවරණයේ දී තමන්ට සලකා ඇත්තේ එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මහින්ද රාජපක්ෂ මහතාට සලකා ඇති ආකාරයට බවත්, කෙසේ වුවත් ඒ තත්වය හමුවේ ආණ්ඩුව අපහසුතාවයට පත් නොකර අභියෝගය තමා බාරගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය අඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සිය ඇමති ධුරයේ වැඩ රාජකාරි භාරගනිමින් ඊයේ (17) ප්‍රකාශ කළේය.

උදාවී තිබෙන මේ තත්ත්වය හමුවේ තමන් කිසි විටකත් කලබල නොවන බවත්, ලැබෙන දෙයින් තෘප්තිමත් වී වැඩකටයුතු කරගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙවර ජාතික ලයිස්තුව සඳහා මන්ත්‍රීන් පත් කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු විමසීමක් සිදුනොකළ අතර එලෙස කළේ නම් මීට වඩා යහපත් බවත් එලෙස පක්ෂයෙන් නොවිමසා මන්ත්‍රිවරයෙකු නම් කිරීම ගැන කණාගටු වන බවත් දයාසිරි ජයසේකර පැවසීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජාතික ලයිස්තුවෙන් සුරේන් රාඝවන් නම් කර තිබෙන අනාවරණය කළ මහලේකම්වරයා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ නම ද ඉහළින්ම තිබූ බව සිහිපත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික ලයිස්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම් හතරක් ලබා දී තිබු බවත් සාමාන්‍යයෙන් එසේ නම් කිරීමේ දී නම් ලබාදුන් අනුපිළවෙළට සිදුකරන නමුත් මෙවර කිසිදු විමසීමකින් තොරව අනුපිළිවෙළ ද නොසලකා කටයුතු කිරීම ගැන කණගාටු වන බව ද මහලේකම් වරයා වැඩිදුරටත් කීය.

Exit mobile version