හෙට උදෑසන 5 සිට පොලිස් වසම් දෙකක නිවාස යෝජනා ක්‍රම දෙකක් සමහ ග්‍රාමනිලධාරී වසම් තුනක් නැවත දන්වන තුරු හුදකලා බවට පත් කිරීමට කොවඩ් 19 පැතිර යෑම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දුන්නේය.
එසේ අලුතින් හුදකලා බවට හුදකලාබවට පත් කර ඇති ප්‍රදේශ වන්නේ මට්ටක්කුලි පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ පර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම, විජජයපුර ග්‍රාම නිලධාරී වසමයි.
කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය පොලිස් වසම, වෙරළබඩ පොලිස් වසම, පිට කොටුව පොලිස් වසම යන පොලිස් වසම් තුනෙහි හුදකලා බව හෙට (30) උදෑසන 5 සිට ඉවත්කිරීමටටත් එම මධ්‍යස්ථානය තීන්දු කර ඇත. එමෙන්ම හෙට උදෑසන 5 සිට ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව හා රාගම පොලිස් වසම් හුදකලා බවින් මිදවේ.
ඒ අතර තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මක වන ප්‍රදේශ ලෙස මොදර, බ්ලූමෙන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පු වීදිය, වේල්ල වීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන, පොලිස් වසම් ද, කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම ද, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාමනිලධාරී වසම ද දක්වා තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑළියගොඩ, කැලණිය තවදුරටත් හුදකලා බවෙහි තබනු ඇත.
ඒ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ…