පාස්කු විමර්ශනයේ සැකකරුවෙක් මට්ටක්කුලියේ දී කපා කොටා ඝාතනය කරයි!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් වී සිටි පුද්ගලයෙක්  අද දහවල් 11ට පමණ මට්ටක්කුලිය හෝටලයක් ඉදිරිපිට දී  කපා කොටා ඝාතනය කර තිබේ.

වාහනයකින් පැමිණි පිරිසක් විසින් මෙසේ තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇත්තේ මට්ටක්කුලිය සාවියා පටුමගේ පදිංචි  මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් (38) නැමැත්තෙකි.

කපා කොටා දැමීම නිසා බරපතල තුවාල ලද තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය පුද්ගලයා පාස්කු ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇප මත නිදහස් වී සිටින පුද්ගලයෙකි.  සිද්ධිය පිළිබඳ මට්ටක්කුලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Exit mobile version