කීර්ති ප්රනාන්දු –
මග දෙපස භාණ්ඩ අලෙවි කිරීම සඳහා කුඩා වෙළඳුන්ට රජය මඟින් ලබා දී තිබූ අවසරය ලබන බදාදා (19) දිනෙන් අවසන් වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අලුත් අවුරුදු සමය තුළ කුඩා වෙළඳුන්ට මෙන්ම පාරිභෝගික ජනතාවගේ පහසුව සඳහා සහනයක් සැලසීමක් ලෙසට මෙසේ මාර්ග දෙපස භාණ්ඩ අලෙවි කිරීමට අවසරය ලබා දී තිබිණි.
අවුරුදු සමය අවසන් එබැවින් ලබන බදාදා( 19) දින සිට මාර්ග දෙපස භාණ්ඩ අලෙවි කිරීමට අවසර ලබා නොදෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් කියා සිටියි .