“මගේ පෞද්ගලික පින්තූර ෂෙයා කරන්න එපා” – ජැකලින් ඉල්ලයි

ඉන්දීය ‍රුපියල් කෝටි 200ක කප්පම් මුදල් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ තමා සිටින ඡායාරූප සමාජ මාධ්‍යවල යළිත් වේගයෙන් සංසරණය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් සුපිරි තාරකාවක වන ජැකලින් ෆර්නැන්ඩස් ප්‍රකාශයක් නිකුත් කරමින් රසික රසිකාවියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජැකලින් පවසා ඇත්තේ ඇය හා සුකේෂ් සිටින පින්තූර බෙදා නොගන්නා ලෙසත් දුෂ්කර අවස්ථාවක ඇගේ පෞද්ගලිකත්වයට හානි නොකරන ලෙසත් ය. එම සිදුවීම එය ඇය විස්තර කළේ “රළු පැල්ලමක්” යනුවෙන් හඳුන්වමිනි.

එම ප්‍රකාශය මෙසේය, “මේ රට සහ මෙහි ජනතාව මට කවදත් ඉමහත් ආදරයක් හා ගෞරවයක් ලබා දී තිබෙනවා. මෙයට මා බොහෝ දේ ඉගෙන ගත් මාධ්‍ය මිතුරන් ද ඇතුළත්. මම මේ වන විට ගෙවන්නේ දැඩි දුෂ්කරතාවට මුහුණ දෙමින් සිටින අවධියක්. නමුත් මගේ මිතුරන් සහ රසිකයන් ඒ බව තේරුම් ගනු ඇතැයි මට විශ්වාසයි.


මගේ පෞද්ගලිකත්වයට සහ පුද්ගලික අවකාශයට අනවසරයෙන් ඇතුළු වන ආකාරයේ ඡායාරූප බෙදා නොහරින ලෙස මම මගේ මාධ්‍ය මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම විශ්වාසය නිසාමයි. ඔබ ඔබේම ආදරණීයයන්ට මෙය නොකරනු ඇති. ඔබ මට මෙය නොකරන බව විශ්වාසයි. යුක්තිය සහ යහපත් හැඟීම දිගටම පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ස්තූතියි” යැයි ඇය පවසා ඇත.

කෙසේවෙතත් ජැකලින් ඇගේ සටහන මුදාහැරි Instagram සටහනේ අදහස් එක්කිරීමේ කොටස අක්‍රීය කර ඇත.

මේ වන විට ඇය ඉන්දීය මුල්‍ය විමර්ශන නිලධාරීන් ඉදිරියේ තුන් වතාවක් ප්‍රකාශය සටහන් ලබාදී ඇත.

ඊයේ දිනයේදී ඇය සුකේෂ් සමඟ සිටින සිපගන්නා ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණි.

මේ වනවිට ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව හෙළිවන ඡායාරූප 3ක් පමණ සමාජ ජාලයේ සැරිසරන අතර මේවා නිකුත් වීමට පෙර ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබුණේ තමා සුකේෂ් නමැත්තකු නොදන්නා බවත් රසිකයකු ලෙස ඇයට මල්, චොකලට් ආදී තෑගි එවා තිබූ බවත් කිසිදාක හමුවී හෝ ඔහු කවුදැයි නොදන්නා බවය.

දෙදෙනා අතර පෙම් සබඳතාවක් ඇති බවට විමර්ශන නිලධාරීන්ට හෙළිකර තිබුණේ සුකේෂ් වන අතර ඔහුගේ ජංගම දුරකත‍නයේ මෙම ඡායාරූප තිබී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නඩුව හේතුවෙන් ජැකලින්ට ඉන්දියාවෙන් පිටවීම අධිකරණය මගින් තහනම් කර ඇත.

Exit mobile version