මංගල යන්න හේතුව හෙළි වෙයි…

සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක මංගල සමරවීර ඉවත්වීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ ඉදිරි මහ මැතිවරණයෙන් පරාජයට පත්වන බව හෙළිවීමත්, මේ වනවිට ඔහුට එක්සත් ජාතික ජාතීන්ගේ සංවිධානයේ ගෞරවණී්‍ය තනතුරක් යෝජනා වී තිබීමත් නිසා බව මංගල සමරවීරගේ සමීපතමයන් ගේ ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

මංගල සමරවීර පසුගිය කාලය තුළ දිගින් දිගටම සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ මෙන්ම යහපාලන ආණ්ඩුවේ ප්‍රභල ඇමතියෙක්ව සිටිමින්  මාතර දිස්ත්‍රික්කයේ ජනතා අපේක්ෂාවන් ඉටු කරදීමට නොහැකි වීම මත මෙවර මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වන බව හෙළි කර තිබේ.

මෙවර සමගි ජනබලවේග යටතේ මහා මැතිවරණයට ඉදිරිපත් නොවන ලෙස ඔහුගේ සමීපතමයන් හා මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන හිතවතුන් මංගල සමරවීරගෙන් ඉල්ලීමක් කර තිබුණද ඒ ඉල්ලීම නොතකා මහ මැතිවරණ ජයග්‍රහණය කරන බව විශ්වාසයෙන් මෙවර නාම යෝජනා බාර දුන්නත් මේ වනවිට මාතර දිස්ත්‍රික්කයෙ සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් දෙදෙනෙකු සමරවීරට ඉදිරියෙන් සිටින බව අනාවරණය කරගෙන ඇත.


පවතින දේශපාලන පසුබිම තුළ මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට ලබා ගත හැක්කේ මන්ත්‍රී ධූර එකක් හෝ දෙකක් පමණක් බව හෙළි වී ඇත. එවැනි පසුබිමක පරාජිතව ඉවත්වනවාට වඩා ගෞරවාන්විතව අපේක්ෂකත්වයෙන් ඉවත් වී ඉදිරි පියවර සැලසුම් කිරීමට මංගල සමරවීර තීරණය කළ බව ද ඔහුගේ සමීපතමයෝ කියති.

සිය පියාණන්ගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසි මංගල දශක කීපයක් තිස්සේ මාතර ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනතා ආදරය දිනාගත් චරිතයකි. ඔහු මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙම වසර ගණනාවක් තිස්සේ නියෝජනය කළ අතර එම ආණ්ඩුවල ප්‍රභල ඇමතිකම් ද දැරීය.  ඔහු මාතර ප්‍රදේශයේ ජනතාවට කල සේවය ද අතිශය ඇගැයීමට ලක් විය.

එහෙත් මංගල සමරවීර මෑත යුගයේ ගනු ලැබූ තීරණ හා ඒ වෙනුවෙන් කළ විවිධ ප්‍රකාශ නිසා ඔහුට විරුද්ධව භික්ෂූන්වහන්සේ ප්‍රමුඛ විවිධ සංවිධාන  හඬ නගන්නට විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙවත් මාතර ජනතාව සමග දේශපාලනයේ යෙදෙමින් අඛණ්ඩව සිය දේශපාලන ගමන යන බව මංගල සමරවීර පැවසීය.

 

Exit mobile version