භූමි කම්පාවක් ද? – වැරදීමක් ද?

ශිරෝමි සමරකෝන් – දිගන

පසුගිය සෙනසුරාදා (29) රාත්‍රී 8.30ට පමණ අනුර ගම, හාරගම, මයිල පිටිය, දිගන, කුණ්ඩසාලේ යන ප්‍රදේශවලට බරපතල ලෙස දැනුණ බව කියන භූ කම්පනය පිළිබඳව විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.

එදිනම දහවල් මෙවැනි ශබ්දයක් ඇති වූ බවත් භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශයට මෙවැනි සිදවීම් පිළිබඳ පැමිණිලි කර ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.


දිගන විජය ශ්‍රී ගම නිවාස කිහිපයක් මෙවැනි කම්පන නිසා ඉරි තැලී ඇත.

භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශය මගින් අවස්ථා කිහිපයක දී ම මේ ගැන සොයා බලා ඇත.

දිගන අවට මහා පරිමාණයෙන් සිදු කරනු ලබන ගල් කැඩීම නිසා ඇති කරන පිපිරීම් නිසා ප්‍රදේශවාසීහු පීඩාවට පත් වී සිටිති.

ඔවුන් ප්‍රශ්න කරමින් සිටින්නේ ගල් බෝර දැමීමට තහනම් වූ කාලසීමාවේ මහා රාත්‍රියේත් මෙවැනි පිපිරීම් සිදුවන විට ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවට ලබා දෙන සහතිකය කුමක්ද යන්නය.

නිවාස ඉරිතලා ඇති අයුරු

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිවාස ඉරිතලා ඇති අයුරු

Exit mobile version