භානුක රාජපක්ෂ  සහ ඈන්ජලෝ පෙරේරා ජාත්‍යාන්තර ක්‍රිකට් දිවියට සමු දෙයි!

ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී යොවුන් පිතිකරුවන් දෙපළක්වන භානුක රාජපක්ෂ සහ ඈන්ජලෝ පෙරේරා ජාත්‍යාන්තර ක්‍රිකට් දිවියට  සමුදීමට තීරණය කර තිබේ.

ඔවුන් දෙපළ මේ වනවිට සිය ඉවත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දන්වා තිබේ.

මෙම සමුදීමේ නිවේදනය  මේ දෙපළ විසින් ලබා දෙන්නේ  සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන  තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට සිකුරාදා පැවැත්වීමට නියමිත ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට කලින් වීම විශේෂයකි.


ඈන්ජලෝ පෙරේරා  මෙම තීරණය ගෙන ඇත්තේ දීර්ඝ කාලීන සැලසුමක් මත බවත් ඔහු  ගීන් කාර්ඩ් පහසුකම මත ඇමරිකා එක්සත් ජනපදය වෙත පදිංචියට යෑමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.

භානුක රාජපක්ෂගේ ද විදෙස්ගත වීමේ අදහසක් ඇති බව දැනගන්නට ඇත.

භානුක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 05ක් සහ විස්සයි 20 තරග 18ක් ක්‍රීඩා කර ඇති තවමත් ඉහළ ලකුණු වේගයක් සහිතව ලකුණු අතර සිටින තරුණ ක්‍රීඩකයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඈන්ජලෝ පෙරේරා ලංකාව වෙනුවෙන් එක්දින තරග 06ක් සහ පන්දුවරා විස්සයි 20 තරග  06ක් ක්‍රීඩා කර තිබේ.

Exit mobile version