SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ඇප මත නිදහස් කිරීමටත් නතාෂා එදිරිසූරිය ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය.
බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාව මත නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් අද ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම, ඇයගේ ප්‍රකාශය යූ.ටියුබ් නාලිකාවකින් ප්‍රචාරය කළ බෲනෝ දිවාකර රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මත මුදා හැරීමට කටයුතු කෙරිණ.
එමෙන්ම ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් ද ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කරනු ලැබීය.