බෝගම්බර නිරෝධායන කඳවුරෙන් පලා යන්නට තැත් කළ රැඳවියෙක් මරුට.. 01 රෝහලේ.. 2ක් පලා ගහින්

ඊයේ රාත්‍රියේ බෝගම්බර බන්ධනාගාර රැඳවුම් කඳවුරෙන් පලා යෑමට උත්සාහ කළ රැඳවියන් සිව් දෙනෙක් අතරින් ඇද වැටීම නිසා බරපතල තුවාල ලැබූ එක් රැඳවියෙක්  මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තවත් එක් රැඳවියෙක් බරපතල තුවාල සහිතව රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබා ගන්නා අතර දෙදෙනෙක් පලා ගොස් ඇත.

වාර්තා වන පරිදි සම්පූර්ණ සිද්ධිය මෙසේය.

ඊයේ රාත්‍රී 12ට පමණ බෝගම්බර බන්ධනාගාර කොවිඩ් නිරෝධායන කඳවුරෙන් රැඳවියන් පිරිසක් පලා යෑමට උත්සාහ කර තිබේ.


ඉන් සිව් දෙනෙක් තාප්පය ට නැග එළියට පැන ගැ  ඇත. ඒ සමගම තත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් ද සිදු වී තිබේ.

කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරයට කිසිවෙක් ලක් වී නොමැති අතර තාප්පයට ගොඩ වූ රැඳවියන් දෙදෙනෙක් පනින්නට ගොස් ඇද වැටීමෙන් බරපතල තුවාල සිදු වී තිබේ. මෙසේ තුවාල සිදු වී ඇත්තේ අනුරාධපුර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකුට හා තඹුත්තේගම පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකුටය.

ඔවුන් දෙදෙනාම ඊයේ රාත්‍රියේම රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කිරීමෙන් පසු සිදුවූ බරපතල තැලීම් සහිත තුවාල නිසා අනුරාධපුරයේ පදිංචි 30 හැවිරිදි අබ්දුල් රහීම් නැමැති තැනැත්තා මිය ගොස් ඇත.

කලබල අතර පලා ගිය අනෙක් පුද්ගලයන් දෙදෙනා පොලිස් නිල නිවාස පැත්තට දිව ගිය බව පැවසේ. මේ පුද්ගලයන් සොයා දැන් මෙහෙයුමක් අරඹා ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පලා ගිය මෙම පුද්ගලයන් දෙදෙනා කොවිඩ් ආසාදිතයන් නම් බරපතල තත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

Exit mobile version