බෝගම්බර තවත් කොවිඩ් ආසාදිතයන් 41ක්…. බෝගම්බර කොවිඩ් පොකුර 165තෙක් ඉහළට

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින තවත් රැඳවියන් හතලිස් එක් (41) දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වූ බව තහවුරු වීමත්  සමග බෝගම්බර කොවිඩ් ආසාදිත රැදවියන් සංඛ්‍යාව එකසිය හැටපස් දෙනකු දක්වා ඉහළ අගයක් ගෙන තිබේ.

මෙයට අමතරව පේරාදෙණිය පොලිසියේ, රථ වාහන අංශයේ කොස්තාපල්වරයකු සහ ගලගෙදර මැදගම සංවර්ධන නිළධාරිනියක කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත. 

බෝගම්බර හතලිස් එක්දෙනකු හඳුනා ගැනීම  පෙරේදා (16) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරුවූ අතර නැවතත් ඊයේ 17දා තවත් රැදවියන් පිරිසක් පීසීආර් පරික්ෂණයකට බඳුන් කර තිබේ. 


කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් රැඳවියන් කන්දකාඩුව හා පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇති බව මහනුවර පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ  කීය.

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ තාවකාලිකව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයට රැඳවියන් 809 දෙනෙකු බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මගින් යොමුකර තිබිණි.

බන්ධනාගාරය තුළ කොවිඩ් ආසාදිතයින් සිටින බැවින් තමන්ගේ ජීවිත වලට තර්ජනයක් බව පවසමින් රැඳවියන් පිරිසක්  බන්ධනාගාරයේ වහළය මතට නැග පසුගියදා විරෝධාතාවක් දියත් කරනු ලැබීමෙන් පසු 300 ක පමණ පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පියවර ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ වන විට පන්සිය නව දෙනකු බන්ධනාගාරය තුළ සිටිති.

Exit mobile version