බොරු නම් සහ ලිපින නිසා අටලුගම කොවිඩ් රෝගීන් සෙවීමට දැඩි මෙහෙයුමක්

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කළ පුද්ගලයන් විසින් සෞඛ්‍ය අංශ මඟින් එම සාම්පල ලබා ගැනීමේදී ලබා දී ඇති වැරදි නම් සහ ලිපින නිසා ඔවුන් ආසාදිතයන් බවට තහවුරු වීමෙන් පසු හඳුනා ගැනීමේ විශාල අභියෝගයක් වී ඇති බව වාර්තා වේ. ඊයේ දින මෙම පී.සී.ආර් පරීක්ෂණ මත ආසාදිතයන් බවට තහවුරු වූ පුද්ගලයන් 17 දෙනකු අතරින් 16 දෙනකු මහත් වෙහෙසක් දැරීමෙන් පසුව හඳුනාගෙන රෝහල් කරා යොමු කරන්නට සිදුවූ බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

 මෙසේ ව්‍යාජ නම් ලබා දුන් පුද්ගලයන්ගෙන් මේ වනවිට හඳුනා ගත්  16 දෙනාම මුස්ලිම් ජාතිකයන් බව අනාවරණය වී ඇති අතර ඔවුන් ලබා දී ඇත්තේ ව්‍යාජ නම් සහ ලිපින බවට අනාවරණය වීමත් සමඟ කළ නිරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ පීසීආර් පරීක්ෂණ සාම්පල ලබා ගැනීමේදී  මෙලෙස ව්‍යාජ නම් සහ ලිපින ලබා දුන් තවත් පුද්ගලයින්ද සිටින බවය.

අටලුගම ප්‍රදේශය ග්‍රාමසේවා වසම් ගණනාවකින් ආවරණය කෙරෙන අතර මෙම ප්‍රදේශයේ  මුලින් අහඹු ලෙස පී.සී.ආර් ලබා ගත් පුද්ගලයින් 64 දෙනකුගෙන් පස් දෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් පුසව තවත් සියයකට පමණ පීසීආර් පරීක්ෂණ සිදු කොට ඇත.


එයින් ඉහත කී පුදගලයන් 17 දෙනා කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇති අතර තවත් පීසී අර් ප්‍රතිඵල ගැනිමට නියමිතය. එමෙන්ම අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් ගේ වාර්තාවලට අනුව 13,000ක පිරිසක් ජීවත් වන බව කියවුණද සත්‍ය ප්‍රමාණය ඊට වඩා වැඩි බවත් ඇතැම් පුද්ගලයන් පී.සීආර් පරීක්ෂණ මඟ හැර යන බව නිරීක්ෂණය වී ඇති බවද මෙම අරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 මේ තත්ත්වය සලකා මෙම ප්‍රෙද්ශය සම්බන්ධයෙන් නව තීරණ කිහිපයක් අද දින (22)  බොහෝ දුරට ගැනීමට නියමිත බවද මෙම ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

Exit mobile version