බොරැල්ල පොලිසියේ පීසීආර් කළ නිලධාරීන් 10න් 8කට කොවිඩ්

බොරැල්ල පොලිසියේ නිලධාරීන් දස දෙනකු සඳහා ඊයේ (31) දිනයේදී සිදු කෙරුණු පී.සී.ආර් පරීක්ෂණවලින් අට දෙනකුම රෝග ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.

මේ අනුව මේ වනවිට බොරැල්ල පොලිසියේ පමණක් පොලිස් නිලධාරීන් 15 දෙනකු කොවිඩ් 19 රෝගය වැලඳී ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණනාවක් නිරෝධායනයට ලක් කිරීමට සිදුව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පොලිසිය තුළද පිරිසක් නිරෝධායනයට ලක් වෙමින් සිටින අතර මේ දිනවල 300ක් පමණ පිරිසක් බොරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කරති.


Exit mobile version