බුදුන්ට අපහාස කළ නතාෂා එදිරිසූරිය ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට!

Nathasha-Edirisooriya

බුදුන් වහන්සේට අපහාස කළ බවට චෝදනාඑල් වී ඇති ශිල්පිනියක වන නතාසා එදිරිසූරිය ඊයේ (27) රාත්‍රි අපරාධ පරීක්ෂණ දෙපාරර්තමේන්තුව  මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 

ඊයේ රාත්‍රිෙය් ඇය සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම් වන අවස්ථාදෙී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඇය මෙසේ අත්ඩංගුවට ගෙන ඇති අතර ඇය රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෝඩාභිමානය නැමැති ඇයගේ විකට ප්‍රසංගයකදී බුදුන් වහන්සේ ගෙ සිද්ධාර්ථ කුමර අවදිය සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම හේතුවෙන් ඇය දැඩි සේ සමාජය තුළ ආන්දෝලනයට ලක්ව ඇති චරිතයක් විය.

Exit mobile version