බුද්ධි අංශ ප්‍රභූවරුන් 268කට පාස්කු ප්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීම් යවලා

එවැන්නක් ලැබුණු බවක් කියන්න එපා යයි ඇතැම් ප්‍රභූන් කී බව හෙළි වෙයි

පසුගිය වසරේ අප්‍රියෙල් 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ඉස්ලාම් අන්තවාදීන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වියහැකි බවට වන බුද්ධි තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීම මෙරට ප්‍රභූවරුන් 268 දෙනෙකුගේ ආරක්ෂක ප්‍රධානීන්ට දැන්වුවද තමන් ඒ ගැන කලින් දැනසිටි බවක් නොපවසන ලෙස එම ආරක්ෂක ප්‍රධානීන්ට ඇතැම් ප්‍රභුවරුන් එය තමන්ට කලින් දැනුම්දුන් බව නොපවසන ලෙස සිය ආරක්ෂක නිලධාරීන්ට එසම ප්‍රභූවරුන් පාස්කු සිදුවීමෙන් පසුව දැනුම් දී ඇති අනාවරණය වේ.

මේ බව අනාවරණය කළේ එවකට ප්‍රභු ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසම හමුවේ අද (14) සාක්ෂි දෙමිනි.

පාස්කු ප්‍රහාරයත් සමඟම පාහේ අන්තර්ජාලයේ සහ මාධ්‍යවල පළවූයේ තමා පාලනය යටතේ පැවති ප්‍රභු ආරක්ෂක අංශ ප්‍රධානීන් මගින් ප්‍රභුවරුන්ගේ ආරක්ෂකයන්ට යොමුකළ ලිපිය බවද ඔහු සදහන් කළේය.


බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පියකු ද ප්‍රභුවරුන්ගේ ආරක්ෂකයන් වෙත යොමු කළ ලිපියේ අඩංගු කරුණු දැන සිටි බවද ප්‍රියලාල් දසනායක මහතා කොමිසම හමුවේ පැවැසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කථානායකවරයාගේ ආරක්ෂක අංශයට ද මෙම තොරතුර ලබාදුන්නද ඒ සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත්ව සිටියේ දැයි තමා නොදන්නා බවද කොමිසම කළ විමසීමකදී ප්‍රියලාල් දසනායක මහතා තවදුරටත් කොමිසම හමුවේ පැවසීය.

Exit mobile version