බීලා හමාරයි… අරක්කු සිගරට් රටින්ම තුරන් කිරීමේ වැඩ පිළිවෙළක්…

ශ්‍රියානි විජේසිංහ –

ඉදිරියේදී දුම්පානය දුම්කොල භාවිතය මත්ද්‍රව්‍ය භාවිතය හා මත්පැන් භාවිතය රටතුළ මුලුමනින්ම තහනම් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්  ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇතැයි එහි උපලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා  සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙල පාසැල් ආරම්භ කිරීමත් සමග පාසල්  මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අදට (31) යෙදී ඇති ලෝක දුම්වැටි විරෝධී දිනය පිළිබඳ ලංකාසර සමග සංවාදයකට එක් වෙමිනි.


මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරන ආකාරයට “දුම්කොළ භාවිතයෙන් තරුණයින් බේරා ගැනීම” ගැනීම මෙවර  ලෝක දුම්වැටි විරෝධී දිනයේ තේමාව වී තිබේ.

ලංකාව තුළ වසරකට දුම්පානය හේතුවෙන් ඇතිවන රෝගාබාධ වලින්  පුද්ගලයින් 20000ක් දෙනා මිය යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග පාලන ඒකකය සඳහන් කරයි.

දුම්පානය අවම කිරීමේ අරමුණින් පසුගිය කාලය තුළ නීතිරීති මාලාවක් හදුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පාසැලට මීටර් 100 දුරකින් දුම්වැටි අලෙවිය තහනම් කිරීම, ප්‍රසිද්ධ ස්ථානයන්ගේ දුම්පානය තහනම් කිරීම ප්ලේන් පැකේජය හඳුන්වා දීම, සිගරැට් පැකට්ටුවේ රූපමය අවවාද ඇතුළත් කිරීම වැනි නීති රීති ක්‍රියාත්මක කළේය.

 

 

 

Exit mobile version