බිලියන 39ක වෛද්‍ය උපකරණ රටට අහිමි වුනා… තවත් බහාලුම් 10ක පරිත්‍යායක් රටට අහිමිවීමට පෙර ගෙන්වා ගන්න රෝහල් සේවා මණ්ඩලය මහජන සහය පතති!

රජවැල්ලේ සුභූති හිමි

ශ්‍රියානි විජේසිංහ –                                             

සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් රුපියල් බිලියන 39ක් වටිනා     වෛද්‍ය උපකරණ අඩංගු බහාලුම් 100ක් රටට අහිමි වී ගිය බවත්   රටට පරිත්‍යාග කළ  වෛද්‍ය උපකරණ තොගයක් සහිත වෙනත්  බහාලුම්  10ක්   ගෙන්වා ගැනීමට මහජනතාවගෙන් සහය ඉල්ලීමට රෝහල් සේවා මණ්ඩලය  තීරණය  කර ඇති බවත් එහි අධ්‍යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමියෝ පැවසූහ.

මෙම  වෛද්‍ය උපකරණ තොගයත් රටට අහිමි වී යෑමට පෙර ජනතාව අභියසට යෑමට තීරණය කළ බව උන්වහන්සේ කීහ. බහාලුම් රඳවා ගැනීම් ගාස්තු කෙසේ හෝ ගෙවා ගැනීම සඳහා මහජනතාව  සමග එක්ව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් සුභූති හිමියෝ කීහ. 

මෙම බහාලුම්  10 තුළ  අඩංගු වෛද්‍ය උපකරණ උතුරු, නැගෙනහිර සහ දකුණු පළාතේ රෝහල්වෙත බෙදා හැරීමට අදහස් කරන බවද උන් වහන්සේ පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සදහා මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට හැකි අයෙක් වෙතොත් ලංකා බැංකුවේ , 0071988321 යන  ගිණුම් අංකයට මුදල් තැන්පත් කළ හැකිය බව රෝහල් සේවා මණ්ඩලය සඳහන් කරයි.


Exit mobile version