බිලියන ගණනක මාටියා ගැසූ බදු ධමිමික පෙරේරා හිටි හැටියේ ගෙවයි…

රජයේ ලොකු තනතුරක් ලබන වග සැල වූ වහාම බදු ගෙවූ බව ආදායම් බදු දෙපාර්තමේන්තුව කෝප් කමිටුවට කියයි...

Dhammika-Perera-696x394

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපරිකයකු වන ධම්මික පෙරො විසින් හදිසියේම රජයට ගෙවීමට හිඟව තිබූ ආදායම් බදු රුපියල් බිලියන 1.15ක් ගෙවීමට පියවරගෙන ඇති බව රජයේ පොදු ව්‍යාපාර ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.

ඒ අනුව පෙරේරා විසින් තමන්ට අයත්ව තිබූ කැසිනෝ ව්‍යාපාරවලට අදාලව ගෙවීමට නියමිතව තිබූ ආදායම් බදු හදිසියේම මෙලෙස ගෙවා ඇති බවත් එය ඔහු රජයේ ඉහළ තනතුරුක් ලබා ගැනීමට සූදානම් බවට සැලවූ පසුබිමක සිදුකර ඇති බවත්  ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් මංජුල ගුණරත්න අදාල කාරක සභාව ඉදිරියේදී ප්‍රකාශ කර ඇත.

2015 දී ඉකුත් ආණ්ඩුව විසින් රුපියල් බිලියනකට එක්වරක් පමණක් ගෙවිය යුතු බද්දක් මෙරට කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් අය කිරීමට තීරණය කර තිබිනි. එහෙත් කැසිනෝ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයින් විසින් මෙම මුදල එකවර ගෙවීමට පියවරගෙන නොතිබූ බවද අනාවරණය විය.

ගුණරත්න පවසන අන්දමට කැසිනෝ හිමිකරුවන් විසින් මෙම බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට පියවරගෙන තිබූ අතර එයට ආදායම් බදු දෙපාර්තමේන්තුව එකඟවී නොමැත. ඒ අනුව විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මෙම කරුණු අධිකරණය ඉදිරියට ගෙනයාමට පියවරගෙන තිබිණි. එහිදී කැසිනෝ සමාගම් පනත යටතේ ලියාපදිංචි කර නොතිබූනු බැවින් නඩු ව්‍යාපාර හිමිකරුවන්ට එරෙහිව පවරා තිබිණි.


මෙහිදී ගුණරත්න පෙන්වා දී ඇත්තේ රවී විජේරත්න විසින් තමන්ට අයත්ව තිබූ කැසිනෝ වෙනුවෙන් රුපියල් මිලියන 240 බැගින් වාරික දෙකක් ගෙවා ඇති අතර දම්මික පෙරේරා සහ ඔහුගේ සොයුරා රුපියල් මිලියන 425 බැගින් කැසිනෝ දෙකකට වාරික දෙකක් ගෙවා තිබූ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් මධ්‍ය මගින් පෙරේරා හට රජයේ තනතුරක් හිමිවීමට නියමිත බවට වාර්තාවීමත් සමඟ කැසිනෝ දෙක සඳහා හිඟව තිබූ බදු මුදල වූ රුපියිල් බිලියන 1.15 ගෙවීමට පියරගෙන ගෙන තිබූ බවයි.

Exit mobile version