බැසිල් රත්මලානෙන් ගුවන් ගත වෙයි!

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ   අද (16) පෙරවරුවේ පෞද්ගලික ජෙට් යානයකින් රත්මලාන ගුවන් තොටුපළින් පිටව ගොස් තිබේ. ඇමරිකාවේ ලියාපදිංචි N750GF වර්ගයේ පුද්ගලික ගුවන් යානයකින් ඔහු පිටවී ගොස් ඇත. මෙම යානය දින කීපයක් රත්මලාන ගුවන්තොටුපලේ රඳවා තබා තිබිණි.

ගිලන් රථයකින් ගුවන් යානය වෙතම පැමිණි ඔහු පෙ රවරු 10.40ට ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි. යානය ගමන් කර ඇත්තේ ඩුබායිහි අල් මක්ටුම් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙතය.

ඊයේ (15) දිනයේ කොවිඩ් ආසාදිතව නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ ඔහු අද මෙලෙස පිටව ඇති බව සඳහන් වේ.


අද පෙරවරුවේ සිට රත්මලාන ගුවන් තොටුපල පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් ලබා දී ඇති අතර මෙම ගුවන් යානය නවතා තිබු පුදේශයට අභ්‍යන්තර රාජකාරීවල යොදවා තිබූ සේවකයන්ට ගමන් කිරීමද දැඩි ලෙස සීමා කර තිබූ බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පිටව යෑමට පෙර මෙවැනි සංවාදයක් සාමාජ මධ්‍ය තුළ ඇති වී තිබිණි.

Exit mobile version