බැසිල් සහ අනුර කුමාර පැය එක හමාරක සාකච්ඡාවක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැය එකහමාරක හදිසි සාකච්ඡාවක් පසුගිය හත්වැනි දා පාර්ලිමේන්තුවේ දී පැවති බව ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කරයි.

මුදල් සංශෝධන පනත් කෙටුම්පත සාකච්ඡා වූ පාර්ලිමේන්තු සභා ගැබ තුළදී තුළදී හමුවීමෙන් පසු දෙදෙනාම සභා ගැබෙන් පිටතට ගොස් ඇති බවත් ඉන් පසු ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ දී පැය එක හමාරක පමණ සාකච්ඡාවක නිරත වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබඳව සිදුකරන ලද විමසීම් වල දී දෙපාර්ශ්වයම සඳහන් කර ඇත්තේ එම පැවැති සාකච්ඡාව ඔවුන් දෙදෙනාට පමණක් සීමා වී ඇති බවත් සාකච්ඡා වූයේ කවර කරුණු ද යන්න පිළිබඳ පිළිබඳ මෙතෙක් අනාවරණය කර නොමැති බවත්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවිට පාර්ලිමේන්තුවේ දී බැසිල් රාජපක්ෂ මහතා මහතාත් අනුර කුමාර දිසානායක මහතාත් මෙම නව මුදල් පනත් පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ද කථාව පැවැත්වූ අතර එම කතා වලින් අනතුරුව ඔවුන් දෙදෙනා මෙසේ හමු වී ඇති බව සඳහන් වේ.

Exit mobile version