බැසිල්ට අසුන දෙන්න තුන්දෙනෙක්! – ජයන්තලා දෙදෙනාගේ කෙනකු ගැන වැඩි අවධානය

ලබන මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත බැසිල් රාජපක්ෂ මහතාට අවස්ථාව සලසා දෙමින් සිය මන්ත්‍රිධූරවලින් ඉවත් වීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනකු එකඟතාව ලබා දී තිබේ.

ජාතික ලයිස්තු මන්ත්‍රිවරුන් වන මොහොමඩ් ෆලීල් මර්ජාන්, ජයන්ත වීරසිංහ සහ ජයන්ත කැටගොඩ යන් මන්ත්‍රිවරුන් මේ අනුව එකඟතාව පළ කරඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසර ට පැවසීය.

මෙම තිදෙනා අතරින් ඉල්ලා අස්වන මන්ත්‍රීවරයාට එම තනතුරට අදාළ සාධාරණයක් සිදු කිරීමට ආණ්ඩුව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් අනාවරණය කළේය.


බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ඇමෙරිකාවේ සිට පැමිණ නිරෝධායනය වන අතර ඔහුට ප්‍රමුඛ පෙළේ ඇමති තනතුරක් හිමිවන බවත් අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉල්ලා අස්වන මන්ත්‍රිවරයාට යුරෝපා රටක තානාපති තනතුරක් ලබා දීමට සැලසුම් කර ඇති වත් එයට එකඟතාව පළ කර ඇති මන්ත්‍රිවරුන් අතරින් එවැනි රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් ලබා ගැනීමට සුදුසුකම් ඇත්තේ ජයන්ත වීරසිංහ මහතාට බවද මෙම අමාත්‍යවරයා තවදුරටත් පැවසීය

Exit mobile version