බැසිල්ට පුටුව දෙන්න කැටගොඩ යළිත් සැරසෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා තමන් ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්වීමට සූදානම් බව ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම් දී තිබේ.

මේ අනුව 2021 අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසන දෙසැම්බර් 10 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට සැලසුම් කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන ජයන්ත කැටගොඩ මහතා ට රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


අයවැය තුන්වැනි වර පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ලබන වසරේ සිට නව මුහුණුවරකින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙන අතර එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරයෙකු ලෙස ආණ්ඩුව තුළ සිටියහොත් පමණක් බව ජයන්ත කැටගොඩ මහතා ප්‍රකාශ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක මං සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ එකගත්වය පළ කළ යුතු බවත් ජයන්ත කැටගොඩ මහතා පවසා ඇත.

Exit mobile version