බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන යළිත් ප්‍රමාදයි..

Basil-Rajapaksha

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු තවමත් ධුරයෙන් ඉල්ලා අස්නොවීම නිසා බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීම තව දුරටත් ප්‍රමාද වන තත්වයක් ඇති වී තිබේ.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නම් පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස් විය යුතු අතර ඒ සඳහා ජයන්ත කැටගොඩ එකඟතාවය පල කර තිබුණත් අද (11) එවැන්නක් පාර්ලිමේන්තුවේ කථානායක වරයාට දන්වා නොතිබූ බව පාර්ලිමේන්තු නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වන තුරු බැසිල් රාජපක්ෂට මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිය නොහැකි අතර ඒ සඳහා වන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට  අවම වශයෙන් දින 02ක් වත් ගතවනු ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් හෙට ( 12) සිය ඉල්ලා අස්වීම කතානායකවරයාට භාර දුනහොත් ඊලඟ පාර්ලිමේතුව රැස් වන 17 දාට පාර්ලිමේන්තුවට පැමිණීමට බැසිල් රාජපක්ෂට  අවස්ථාවක් තිබෙන බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version